ඔයාලා ගොඩක් දෙනෙක් database Querying language එකක් විදිහට දන්නෙ SQL විතරයි නේද? ඒත් ඊට අමතරව තවත් languages තියෙනවා සමහර programming languages සමග පමනක් යොදා ගත හැකි ආකාරයට. .NET ගැන දන්න අයට නම් මේක අලුත් දෙයක් නෙමෙයි. නොදන්න අය වෙනුවෙනුයි මේ හදුන්වාදීම කරන්නෙ. LINQ කියල කියන්නෙ .Net Language INtegrated Query කියන අදහසින්. LINQ බැදිලා තියෙන්නෙ C# language එකත් සමගයි. C# වලින් code කරද්දි සාම්ප්‍රදායික SQL යොදා ගන්නවට වඩා LINQ යොදා ගත්තොත්, programming languages අතර පවතින නොගැලපීම්(impedence mismatch) දුරු කර ගන්න පුලුවන්.ගොඩක් data sources තියෙන වෙලාවට එකම Querying interface එකක් පාවිච්චි කරන්නත් පුලුවන්.LINQ වලට ඇබ්බැහි වූවන් පවසන ආකාරයට නම් එය SQL වලට වඩා සරලයි. පැහැදිලියි. ඒ විතරක්ද, එය අයිති වන්නේ උසස් ගණයේ language එකක් හැටියට. SQL සහ LINQ හරියට C++ සහ C# වගේ.
සමහර වෙලාවට C++ උචිත වෙන අවස්ථා තියෙනව වගෙ SQL හොද වෙන වෙලාවලුත් තියෙනව. SQL කියන්නෙ 1974 දි සොයා ගත්ත පරන language එකක්. එය වරින් වර අලුත් දේවල් එකතු කර ගනිමින් ලොකු ගමනක් ආවත් නැවත redesign වීමක් සිදු වුනේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට අනවශ්‍ය ලෙස පැටලිලි සහගත වෙන වෙලාවල් තිබෙනවා.
හිතන්න ඔබට මේ වගෙ query එකක් ලියන්න වෙනවා කියලා.මේකෙ කිසිම ගැටලුවක් නැහැ.
SELECT UPPER(Name)
FROM Customer
WHERE Name LIKE 'A%'
ORDER BY Name
ඔබට එකවරම ඕන වෙනවා 21-30 දක්වා පේලි වල විතරක් ප්‍රතිඵල ලබා ගන්න.එතකොට ලියන්න වෙන්නෙ මෙහෙම.
SELECT UPPER(Name) FROM
(
SELECT *, RN = row_number()
OVER (ORDER BY Name)
FROM Customer
WHERE Name LIKE 'A%'
) A
WHERE RN BETWEEN 21 AND 30
ORDER BY Name
SQL Server 2005 වලට වඩා පරන db වලට support කරන්න නම්, code එකට තවත් දෙවල් add වෙන්න ඕනෙ.
SELECT TOP 10 UPPER (c1.Name)
FROM Customer c1
WHERE
c1.Name LIKE 'A%'
AND c1.ID NOT IN
(
SELECT TOP 20 c2.ID
FROM Customer c2
WHERE c2.Name LIKE 'A%'
ORDER BY c2.Name
)
ORDER BY c1.Name
නමුත් ඔබ මේ දේම LINQ වලින් ලියුවොත් ඕන වෙන්නෙ මෙච්චරයි.
var query =
from c in db.Customers
where c.Name.StartsWith ("A")
orderby c.Name
select c.Name.ToUpper();
var thirdPage = query.Skip(20).Take(10);
කොයිතරම් සරලද, පැහැදිලිද?? මම මේ post එකෙන් කතා කලේ එක ප්‍රයෝජනවත් ලක්ෂණයක් ගැන විතරයි.
Google කරලා LINQ ගැන විස්තර හොයල බලන්න...
සීත ගගුල කරගෙන යන්නෙ ඔයාල දෙන දිරි ගැන්වීම් වලින්. BLOG එකට කැමති නම් follower කෙනෙක් වෙන්න අමතක කරන්නත් එපා.