Pages

Wednesday, January 11, 2012

කැස්ස සඳහා ඖෂධ මිලදී ගැනීමේදී මේ ගැනත් සැලකිලිමත් වෙන්න..

පහුගිය දවස් වල තිබුනු සීතල දේශගුණයත් එක්ක හුඟ දෙනෙක් කැස්ස,සෙම්ප්‍රතිශ්යාව වැනි තත්ව වලින් පීඩා විදිනු අපිට දක්නට ලැබුනා.  ඇත්තෙන්ම කැස්ස, හෙම්බිරිස්සාව කියන්නෙ එපාම කරපු ලෙඩ දෙකක්.නිතර නිතර හඬ නගා කැස්ස පිට කරන්නට සිදු වෙන්නෙ, ලඟ ඉන්න අයට කරදරයක් වෙමින්.මේ වගේ ලෙඩක් හැදුනහම,doctor කෙනෙක් ගාවට යන්න කලින් pharmacy එකකින් Syrup එකක්,antibiotic එකක් මිලදී අරන් එක පාරක් වත් try කරලා යන එක අද හුඟ දෙනෙකුගෙ පුරුද්දක් වෙලා.සමහර වෙලාවට කෙනෙකුට කැස්ස ඇති වෙන්නෙ, උණ රෝග ලක්ෂනත් සමඟයි.
                 සාමාන්යයෙන් මේ වගෙ වෙලාවට රෑට නින්ද යන්නෙ නැහැ.ඒ නින්ද අතරතුරත් කැස්ස ඇති වෙන නිසා. ඇත්ත වශයෙන්ම මේ විදිහට ශරීරය අවිවේකී වීම තමයි,රෝගියා නැවත යථා තත්වයට පැමිනීම ප්‍රමාද කරන්නෙ.කෙසේ වෙතත් ඔබ මේ සඳහා ඖෂධයක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය විතු කරුනු කිහිපයක් තිබෙනවා.

                        එකක් තමයි ඔබ දැන ගත යුතුයි ඔබට තියෙන්නෙ, සෙම සහිත කැස්සක්ද  නැද්ද යන වග.ඔබට කැස්ස ඇති වන්නේ පපුව හරහා, එහි අවහිර වීමක් ලෙස නම් ,එය සෙම සහිතයි. කෙලින්ම නාස් කුහර අවහිර වීමෙන් පමණක් පැන නගින කැස්ස සෙම රහිතයි.සාමාන්යෙන් සෙම සහිත කැස්ස සඳහා expectorant වර්ග නිර්දෙශ කරනු ලබන අතර, සෙම රහිත කැස්සට Syrup වර්ගයි ලබා දෙන්නේ.මේ දියර වර්ග බොහෝමයක්(Syrup වර්ග ) ඔබගේ කැස්ස අතිවූ මූලයට ප්‍රතිකර්ම කරන්නේ නැහැ.ඒ වෙනුවට, අනිච්චානුගව එය පැන නැගීම පමණක් පාලනය කරනු ලබනවා.එහෙම කිරීමෙන් ඇතිවිය හැකි අනියම් බලපෑමුත් නැතිවාම නෙවෙයි.කැස්ස පැන නැගීමට ඉඩ ඩීමෙන්, තවතවත් ශ්ලේශ්මලය තැම්පත් වීම පාලනය වෙනවා.මන්ද නිතර නිතර ඒවා බැහැර කරන නිසා.නමුත් කැස්ස පාලනය කිරීමෙන් ශ්ලෙශ්මල පටල තවදුරටත් ඝනව සෑදෙනවා.අවසානයේදී මෙය Bronchitis වැනි තත්වයක් දක්වා වුනත් වර්ධනය විය හැකියි.
  
                    නමුත් expectorant වර්ග ක්‍රියා කරන්නේ මීට විරුද්ධ ආකාරයටයි. එවා නිතර නිතර කැස්ස ඇති කරන සුලු සංයෝග වලින් යුක්තයි.එවිට ශ්ලේශ්මල පටල නිතර නිතර ඉවත් වන නිසා ඝනව තැම්පත් වීමක් සිදු වෙන්නේ නෑ. එම නිසා සෙම්ප්‍රතිශ්යා තත්ව පවා ඉක්මනින් පහවී යනවා.නමුත් expectorant භාවිතයේදී යම් විජලන තත්වයකට ලක්විය හැකියි.මන්ද ඔබේ සිරුරින් නිතර ජල පදාර්ථ පිට වන නිසා.එම නිසා expectorant එකක් භාවිතා කරන විට නිතර ජලය පානය කිරීමට වග බලා ගන්න.