Pages

Monday, March 19, 2012

QR කේත.....[.QR codes].....මොනවද මේ කොටු කොටු??

දැන් දැන් ලංකාවේත් ප්‍රසිද්ධ වෙලඳ ආයතන විසින් තමන්ගේ වෙලඳ දැන්වීම් වල යොදා ගන්නා මේ සන්කෙතය ඔබට ප්‍රශ්නයක් වී ඇති. විශේෂයෙන්ම ඔය mobile tele communication ක්ශේත්‍රයේ ප්‍රචාරන කටයුතු වල තමයි මම නම් වැඩිපුරම දැකලා තියෙන්නෙ.ප්‍රධාන වශයෙන්ම මෙහි අරමුණ තමන්ගේ භාණ්ඩ හා සේවා පිළිබඳ පාරිභෝගිකයන්ට තොරතුරු ලබා දීමයි. විශේෂයෙන්ම තමන්ගේ වෙබ් අඩවි වල QR code යොදා ගැනීමෙන් එම අඩවි නිතර නිතර update වන ඒවා ලෙසයි search engine විසින් හදුනා ගන්නේ. එමනිසා එය භාණ්ඩ පාරිභෝගිකයන් වෙතට ගෙන යාමට හොද ක්‍රමයක්.
          QR code යනු quick response code යන්නයි.මේවායේ තොරතුරු ගබඩා කොට තිබෙනවා. වෙබ් අඩවි වල විතරක් නොවේ, පුවත් පත් දැන්වීම් වල, සඟරා වල, බිල් පත් වල,එහෙමත් මෙවා දක්නට ලැබෙනවා.කෙසේ නමුත් QR code එකකින් කියැවෙන තොරතුරු ලබා ගැනීමට නම් ඔබට Smart phone එකක් තිබිය යුතුයි.මේ නිසාම වෙන්න ඇති ලංකාවේ තවමත් මේ තාක්ෂනය ගැන කවුරුත් එතරම් දන්නෙ නැත්තෙ. නමුත් ඔබට smart phone එකක් තිබෙනවා නම් ,කලයුත්තෙ බොහොම සුලු දෙයක් විතරයි. QR code reader එකක් install කර ගන්න මෙන්න මේ වගෙ site එකකින්. 
                                Kawya 



පහත video එකෙන් පෙන්වන්නේ ඒ විදියට කොහොමද QR code එකක් read කර ගන්නෙ කියල.

ඔබට ඕනෙ නම් T- shirt එකක print කරල තියෙන QR code එකක් වුනත් මේ ආකාරයට කියවන්න පුලුවන්. එක අතකින් මේ තාක්ෂණයත් barcode reader  එකක වගේම වුනත් නිකම්ම ඉලක්කම් ටිකකට වඩා ලොකු තොරතුරු ප්‍රමාණයක් මෙමගින් ලබා ගන්න පුලුවන්.
කොයිතරම් සරල පහසු කාර්යක්ශම තොරතුරු සැපයීමේ ක්‍රමයක්ද නේද??  
ව්යාපාර වලට නම් තමන් කොයිතරම් ඉක්මනට නවීන තාක්ශණය සමග සමීප වෙනවද කියන එක customers ලට පෙන්නන්න හොද අවස්ථාවක් ඒක.  හැකියාවක් ලැබුනු දවසක ඔයාලත් මේ තාක්ෂනයේ ප්‍රයෝජනය අත් විදල බලන්න අමතක කරන්න එපා. 

මේ post එකට කැමති නම් සීත ගඟුලෙ follower කෙනෙක් වෙන්නත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment