Pages

Sunday, April 22, 2012


 ජලන පුංචි පුතේ...ඔබට නිවන් සුව !!!


පුංචි දරුවෙක් ඉන්නා නිවසක් හැම තිස්සෙම තියෙන්නෙ සතුටින් පිරිලා. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි. අර පුංචි දරුවා කරන හුරතල් වැඩ දිහා බලලයි. පුන්චි දරුවො බහ තෝරන්න පටන් ගත්තට පස්සෙ, ඒ දරුව ටික වෙලාවකට හරි නැති වුනොත් ගෙදර අයට ඒ අඩුව හොදට දැනෙනවා. ඊයේ , ඒ කියන්නෙ 2012 අප්‍රේල් 21 වෙනිදා, මගේත් ලඟම ඥාති වන,හැමෝවම සතුටු කරපු, හැමෝම ආදරය කරපු පුංචි පුතෙක් අපව හැරදාල සදහටම යන්න ගියේ කිසිම කෙනෙක් නොහිතපු ආකාරයට, නොසිතූ වෙලාවක. 

                   අවුරුදු කාලේ ඉවර වෙන්න කිට්ටු වුනත් ගොඩක් ප්‍රදේශ වල තවමත් අවුරුදු උත්සව. ඒ වගෙ සිඟිති අවුරුදු උලෙලක් ඊයේ අපේ ගෙවල් පැත්තෙත් පැවැත්වුනා. පුංචි ලමයි, දෙමවුපියනුත් එක්ක 50 කට වැඩි පිරිසක් එතනට එක් රොක් වෙලා හිටියේ ටිකක් සංතෝස වෙලා යන්න. උදේ වරුවේ තරඟ කිහිපයක්ම පැවත්වුනා පුංචි දරුවන් සදහා. තවමත් අවුරුදු හතරහමාරක් වුනු සුරතල් ජලනත් මේ හැම එකකටම සහභාගි වුනා එයාගෙ අම්මත් එක්ක. උදේ 11.30 ට විතර වැඩිහිටි තරඟයකටත් අවස්ථාව ලබා දෙන්නයි සූදානම්ව තිබුනේ. ජලනට පුටුවක වාඩි වී ඉන්න සලස්වා අම්මාත් තරඟයට සහභාගි වෙන්න ගියා. දෙදෙනෙක් බැලුම් බෝලය නලල මත නොවැටී තබා ගෙන නැටීමේ තරඟය ඇරඹුනා. අම්මාගේ ඇස වසා පුංචි ජලන අසල තිබූ පොදු නාන පොකුණ අසලට ගොස් තිබුනා. කිසිවෙක් එය දැන් පාවිච්චි නොකරන බැවින් ලිඳ තිබුනේ කිසිඳු ආවරණයක් රහිතවයි. අඩු තරමේ උස් බැම්මක් වත් එය වටා ඉදි කර තිබුනේ නැහැ. මව තරඟයේ ටිකෙන් ටික ඉදිරියට යද්දී , සුරතල් ජලන  වැස්සෙන් පිරී තිබූ ලින් පොකුණ තුල, පරව යමින් සිටියා. එතරම් විශාල පිරිසක් සිටියදීත් කිසිවෙකුට දරුවා එහි යනු ඇස ගැටී තිබුනේ නැහැ. 

දරුවා පිලිඹද සෙවීම ඇරඹුනේ තරඟය අවසන් වීත් විනාඩි 15 කට පමණ පසුවයි. ඒ වන විට දරුවා පොකුණට වැටී පැයකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබුනා. පුංචි ජලන ලිදෙන් ගොඩට ගන විට නාසයෙන් , කටින්, කන් වලින් කිටි කිටියේ වතුර ගලා ගියා. වහා ජයවර්ධනපුර රෝහලට ගෙන ගියත් ඒ වන විටත් ජලන අප අතරින් සමු ගෙනයි සිටියේ.  හැමෝගෙම ඇස් වලට කඳුලක් එක් කරමින් පුංචි ජලන මරණය සොයා ගිහින්. අවමඟුල් නිවසේදී "එයා ගෙනාපු ආයුෂ ඉවරයි. ඒ නිසා එයාට යන්න වුනා" වැනි කථා අසන්නට ලැබුණා. නමුත් මෙය ජලන කැමැත්තෙන් ගිය ගමනක් නොවේ. පැහැදිලිවම මව්පියන්, වැඩිහිටියන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ, වලක්වා ගත හැකිව තිබූ සිදුවීමක්ය.  කුඩා දරුවන් සිටිනා මව්පියනි, ඔබේ පුංචි සතුට වෙනුවෙන්, ඔබ දරුවා වෙතින් ඇස ඉවතට ගන්නා මොහොතක ඇසිල්ලක් ඇති දරුවාට හානියක් සිදු වීමට. යමක් සිදු වූවායින් පසු හඬා දොඩා පලක් නැහැ. 

ගමම හඬවමින් කෙටි කලකට අප අතරට ආ පුංචි ජලන හෙට (සඳුදා) සදහටම සමු ගන්නවා. යලි කිසිදා ඔබට මෙවැනි අකල් විපතක් නොවේවා !!!

No comments:

Post a Comment