Pages

Saturday, April 7, 2012

Cryptography online - ඔබේ රහස් පණිවුඩය පින්තූරයක සඟවා මිතුරාට යවන්න.






අද වනවිට සයිබර් අවකාශය කියන තැන දවසින් දවස එයට එකතුවන තොරතුරු හා දැනුමත් එක්ක මහ පුදුම සහගත දේවල් සිදුවන තැනක් බවට පත්වෙලා. එය තුල අද පෞද්ගලිකත්වය හෝ රහසිගත යැයි කියා කිසිවක් නැහැ. ඔබ internet එක හරහා යවන message එකක් වුනත් hacking හෝ phishing වැනි ක්‍රම යොදා ගෙන වෙනත් කෙනෙකුට බැලිය හැකියි. ඇත්තෙන්ම මේවා ප්‍රශ්න රැසකට මුල පුරන කාරණා. 
        නමුත් ඔබ අසා ඇති Cryptography  කියා තාක්ශනයක් පිලිබඳව. එය කලක සිට පැවති ක්‍රම ශිල්පයක් රහස් පණිවුඩ අන් අයට නොතේරෙන ලෙස යැවීම සඳහා. අද මා ඔබ දැනුවත් කරන්නේ එවැනි නූතන පරිඝනකාශ්‍රිත online cryptography site එකක් පිලිබදව. MOZAIQ කියන්නේ එවැනි, පනිවුඩ සගවා පින්තූරයක් ලෙස එය ලබන්නා අතට පත් කරන අඩවියක්.
                                                             Visit MOZAIQ here

ඉතා සුලු මොහොතකින් ඔබට මෙලෙස පණිවුඩයක් රූපයක් තුල සැගවිය හකියි. කල යුත්තේ මෙපමණයි.
ඔබට අවශ්ය රූපයක් මෙම අඩවියට upload කරන්න. ඉන්පසු ඔබගෙ පනිවුඩය සටහන් කර අවශ්ය නම් එයට (මුර පදයක්ද) යොදන්න. නමුත් එලෙස යෙදුවොත් ඔබගේ ලබන්නාටත් එම මුරපදය ලබා දීමට අමතක කරන්න එපා. ඔබ මෙහිදී සිදු කලේ encryption එකකි.encrypt කල පින්තූරය, download කර ගෙන යවන්නාට ලැබීමට සලස්වන්න.එහි සැගවූ පනිවුඩය බලා ගැනීමට නම් එය නැවත decrypt කල යුතුයි.  එය decrypt කර ගැනීමට අවශ්ය නම් අදාල බාගත කල පින්තූරය නැවත site එකට upload කරන්න.ඒ සඳහා Mozaiq අඩවියෙ ඇති menu bar එකේ tools වලට ගොස් එයින් encrypt යන්න තෝරන්න.ඉතාම සිත් ගන්නා සුලු ලෙසින් ඔබේ පනිවුඩය encrypt වී තිබේවි.



2 comments:

  1. gud one!!!, definitely there are few people should read this article

    ReplyDelete
  2. good article...! Thanks for the link

    ReplyDelete