Pages

Monday, June 17, 2013

මා හද බැඳ ගත් ඉංග්‍රීසි කවියක්....



           


Whose woods these are I think I know.   
His house is in the village though;   
He will not see me stopping here   
To watch his woods fill up with snow.   

My little horse must think it queer   
To stop without a farmhouse near   
Between the woods and frozen lake   
The darkest evening of the year.   

He gives his harness bells a shake   
To ask if there is some mistake.   
The only other sound’s the sweep   
Of easy wind and downy flake.   

The woods are lovely, dark and deep.   
But I have promises to keep,   
And miles to go before I sleep,   
And miles to go before I sleep.

                20 වන ශතවර්ශයේ ඉංග්‍රීසි සාහිත්යට අතිශය නිර්මාණාත්මක කාව්්ය රචනා රැසක් තිලිණ කල අනර්ඝ සාහිත්්යධරයෙකු වන,Robert Frost මහතා විසින් රචිත මේ කවි පන්තියෙහි කවියා විසින් වයංගයෙන් පවසන අදහස ඔබටත් වැටහෙනවාදැයි බලන්න.සාමාන්්ය පෙල ඉංග්‍රීසි සාහිත්ය විෂය මාලාවේ මා සිත වඩාත්ම ඇද බැඳ ගත්තේ මේ කවි පන්තියටයි.
                                                 ජීවිතය පිලිබඳ වූ සදාතනික යථාර්තය මොනවට පැහැදිලි කරමින් රචිත මෙවැනි හරවත් සංකල්පනා වර්තමාන හා අනාගත මානව වර්ගයාට තවදුරටත් පහල වේද යන්න සැක සහිතයි.iphone,ipad කනේ ගසා ගෙන android ගැන සිහින දකිමින් පරිඝනක ක්‍රීඩා සඳහාම පමනක් කාලය වැය කරන,tuition පංති වල උදේ  සිත රෑ වන තුරු බංකු රත් කරමින් සිටියත්,ජීවිතයට ඵලක් වන කිසිත් නොකර ගන්නා බහුතරයක් වූ නවමු පරම්පරාවේ අපේ ඇත්තන්ට  ජීවිතය පිලිබඳ බොහෝ කරුණු වැටහෙන්නට පටන් ගන්නේ, කෝච්චිය ගියාට පසුවය.
                      ජීවිතය සුන්දරයි.එහෙත් එහි නොපෙනෙන අඳුරු පැතිකඩක්ද ඇත.මේ ලැබූ කුඩා දිවි මඟේ, අසීමිතව සැප අපේක්ෂා කරන්නට ගිය හොත්, නොදැනීම තෙරක් නොපෙනෙන අඳුරු ආඝාධයකට අපව ඇද වැටෙනු ඇත.එම නිසා ජීවිතය විඳිය යුත්තේ සීමා මායිම් සහිතවයි.මිය යෑමට මත්තෙන් ලෝකයට අප විසින් ඉටු කල යුතු බොහෝ යුතුකම් ඇත.අප මෙලොව සදාතනික මිනිසුන් නොවන බව සිහිතබා ගෙන සිහි බුද්ධියෙන් කටයුතු කිරීමෙන් දෙලොවටම වැඩදායක අයෙකු ලෙස මිය යා හැකිය.අවසාන වශයෙන් මා සිහියට නැගෙන්නේ ,මෙවැනිම අර්ථයක් ඇති සිංහල ගී පද වැලකි. 

            "ආ මඟ කෙටියි
             යා යුතු මඟ දුරයි
             නිරතුරු නුවනැසින්
            තරණය කල යුතුයි. "

                                                                                                  අචිනි








Don't forget to become a follower of SeethaGangula.!!!

No comments:

Post a Comment