Pages

Monday, June 17, 2013

Vitamin B ඌනතාවය, ඔබගෙ මතක ශක්තිය දුර්වල වීමට සහ නිදිමත ස්වභාවයට හේතුව විය හැක.





                   B complex ලෙස බොහෝ දෙනා හදුනන vitamin B, ඔබ කිසිදා නොසිතන තරම් වැදගත් කාර්ය භාරයක් ඔබේ ශරීරයේ මනා පැවැත්ම වෙනුවෙන් කරන බව ඔබ දැන සිටියාද? එය ජල ද්‍රාව්ය විටමින් වර්ග  8 කින් සුසැදි නිසායි සංකීර්නයක් ලෙස හඳුන්වන්නේ.පරිවෘතීය ක්‍රියා නිසි පරිදි යාමනය කිරීමටත්,ප්‍රතිශක්තිකරන පද්ධතිය හා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුනු කර ගනීමටත්,සම හා මාංශ පේශී සෞඛ්ය සම්පන්නව තබා ගැනීමටත්,සෛල වර්ධනය හා විභාජනය නිසි පරිදි සිදුවීමට සහ තවත් කටයුතු ගනනාවකට Vitamin B වලින් වන මෙහෙය අති මහත්. 
            Vitamin B ඇති අනෙකුත් vitamin අතරින් B12 වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්.විශේෂයෙන්ම රතු රුධිර සෛල වර්ධනය සහ පවත්වා ගැනීම කෙරෙහි මෙන්ම ස්නායු සෛල හා ඒවායේ ආවරන පටල සෑදීමටත්,DNA,RNA නිපදවීම කෙරෙහිත්, ස්නායු සම්ප්‍රේශක නිපදවීම කෙරෙහිත්, Vitamin B12 වල දායකත්වය අමතක කල නොහැකියි.

                              විටමින් B12 ඌනතාවය ඔබෙන් දිස්විය හැක්කේ... 
  • අධික වෙහෙසකර ගතිය
  • මාංශපේශී දුර්වලතාවය
  • කෙටි හුස්ම ගැනීම
  • නිදිමත ස්වභාවය
  • නිතර අතපය හිරි වැටීම
  • විදුරුමස් වලින් ලේ ගැලීම සහ මුඛයේ නිතර තුවාල ඇති වීම
  • කෑම අරුචිය                                                                            වැනි තත්වයි.

මෙම ලක්ෂන වලින් එකක් හෝ ඔබටත් තිබෙනවා නම් ඔබත් Vit B ඌන අයෙකු විය හැකියි. අනෙක් කාරනය නම් B12 ලබා ගත හැක්කේ සත්ව ආහාර වලින් පමනක් වීමයි. දැඩි ශාක භක්ශකයින්ට මේ නිසා vit B12 ඌන වීමේ වැඩි අවදානමක් තිබෙනවා.සාමාන්යයෙන් B12 බහුලව අඩංගු ආහාර ලෙස දැක්විය හැක්කේ,
  • කිරි ආහාර
  • මස්
  • මාලු
  • පීකුදු
  • බිත්තර
විටමින් B වැඩිපුර ගැනීමෙන් වුවද ශරීරයට අහිතකර තත්වයක් අති වන්නේ නැහැ.මන්ද වැඩිපුර ඇති B පදාර්ථ මුත්‍රා සමග පිටවන නිසා.  B12 ඇතුලුව අනෙකුත් B පදාර්ථ බහුල ආහාරයක් ලෙස යීස්ට් දැක්විය හැකියි. එදිනෙදා ඔබ කරන දහසකුත් එකක් කටයිතු අතරේ මේ දේවල් ගැනත් ටිකක් අවධානය යොමු කරන්න.....





                                                      Achini
       

Don't forget to become a follower of SeethaGangula.!!!

No comments:

Post a Comment