Pages

Tuesday, February 17, 2015

ප්‍රති හිස්ටැමින ගැන ඔබ දන්නවාද?

 ප්‍රති හිස්ටැමින යනු ඖෂධ වර්ගීකරනයේදී ඉතා වැදගත් කාණ්ඩයක් සේ සැලකෙන, එදිනෙදා ජීවිතයේදී අප නිතර පාවිච්චි කරන ඖෂධ රැසක් ඇතුලත් කාන්ඩයකි. උදාහරනයක් ලෙස ලදරු අවදියේදී ඇතිවන කැස්ස, සෙම වැනි සුලු තත්ව සදහා බොහෝ විට අනිවාර්ය බෙහෙතක් ලෙස ලබා දෙන "පිරිටන්" මෙම කාන්ඩයට අයත් ඖෂධයකි.
අප ශරීරයේ සම, සිනිදු පේශි,ශ්වාසනාලය, මොලය, ස්නායු වැනි ස්ථාන කිහිපයක හිස්ටැමීන් නැමැති රසායනික ද්‍රව්්ය සඳහා ප්‍රතික්‍රියා දක්වන ප්‍රතිග්‍රාහක පවතියි.මේවා "හිස්ටැමීන්1(H1)" ප්‍රතිග්‍රාහක ලෙස හදුන්වනු ලැබේ.  හිස්ටැමින නිසා ස්නායු වේදනාව,කැසීම,හර්ද ස්පන්දන වේගය වැඩි කොට පීඩනය අඩු කිරීම,ස්වාසනාලය අවහිර කිරීම වැනි දෑ සිදුවේ. ප්‍රතිහිස්ටැමින ඖෂධ මගින් සිදු කරනු ලබන්නේ මෙම H1 ප්‍රතිග්‍රාහක අවහිර කර(Block the H1 receptors) එසේ ප්‍රතික්‍රියා කිරීම වැලැක්වීමයි.

ප්‍රතිහිස්ටැමින ප්‍රධාන වර්ග 2කි. නිදිමත ඇති කරවනසුලු සහ නිදිමත ඇති නොකරන වශයෙනි. ඔබ බොහෝ විට දන්නා Chlorphemramine maleate(පිරිටන්) නිදිමත ඇති කරවනසුලු බෙහෙතකි.
 මීට අමතරව තවත් නිදිමත ඇති කරවනසුලු ප්‍රතිහිස්ටැමින වන්නේ Pheniramine(Avil), Promethazine (Phenagon), Cyproheptadine (Peritol), මිග්‍රේන් වලට භාවිතා කරන Flunarazine වැනි ඖෂධයි.
 නිදිමත ඇති නොකරන ප්‍රතිහිස්ටැමින වන්නේ cetrizine (Cetrizet), Loratadine (Loridine), Fexofenadine (Fexet) වැනි ඖෂධයි. 

ප්‍රතිහිස්ටැමින් වල ප්‍රයෝජන ගනනාවක් තිබුනත් අප ඒවා නිතර පාවිච්චි කරන්නේ
  • ආහාර විෂ වීම් වලදී, 
  • ආසාත්මිකතා නිසා සමේ ඇතිවන පලු සදහා,
  • පීනස වැනි නාසයෙන් සොටු දියර ගැලීම වැලැක්වීමට අවශ්ය විටදී, 
  • මැද කනේ ඇති වන ආසාත්මිකතා වලදී,
  • කෘමින් සපාකැම නිසා එන පලු අඩු කිරීමට,
  •  කැස්ස යටපත් කරීමට, 
  • මිග්‍රේන් තත්ව වලක්වා ගැනීමට,
  •  කැරකිල්ලට, 
  • වාහන වල ගමන් ගැනීමේදී වමනය යාම වලක්වා ගැනීමට වැනි ඉතා වැදගත් අවස්ථා රැසකදීයි.
විශේෂයෙන්ම ඔබ සෙම්ප්‍රතිශ්යාවෙන් පෙලෙන්නේ නම් සොටු දියර ගැලීම නිසා ඔබ විදින කරදරයෙන් ගලවා දීමට  Loratadine හෝ Cetrizine එක පෙත්තකට පුලුවන්.



Don't forget to become a follower of SeethaGangula.!!!

No comments:

Post a Comment