Pages

Tuesday, December 23, 2014

පියේහි විප්පයෝගෝ දුක්ඛෝ...

අපට අපමණ වූ මිතුරන් සිට ඇත. ඉදිරියටත් සිටිනු ඇත. පිරිසකින් වෙනව යන විට තවත් පිරිසක් මුණ ගැසෙනු ඇත. ජීවිතය නම් එයයි. පෙරපාසලේ, පාසලේ, දහම් පාසලේ, සහ වෙනත් උපකාරක පන්ති වලදී අප කොතෙකුත් මෙලෙස මිතුරන්ට සමු දී ඇත.
        ඇතමුන්ගෙන් සමු ගැනීම එතරම් දෙයක් නොවේ. මන්ද බොහෝ මිනිසුන් මිතුරුකම් පවත්වන්නේ කාරිය කෙරෙන තුරු පමණක් වීම නිසාය. එවැනි ව්යාජ මිනිසුන් බහුල සමාජයක අව්්යාජ කලණ මිතුරු ඇසුරක් ලැබීමට හැකි නම් ඔබ සැබෑ භාග්යවන්තයෙකි.
විශ්වව්ද්යාලයට ඇතුලත් වීමෙන් පසු එවැනි කලණ මිතුරන් රැසක් සමඟ කටයුතු කිරීමට ලැබීමට මම භාග්්යවන්ත වුනෙමි. දෙවන වසරේ ව්යාපෘතිය සදහා කණ්ඩායමක් නොමැතිව සිටියදී අහඹු ලෙස හමුවූ 4 දෙනෙකු සමග කණ්ඩායමක් සාදා ගතිමි. නමින් දැන සිටියත් එතරම් ආශ්‍රයක් නොතිබූ බැවින් මුලදී චකිතයක් තිබුනත්, එය ක්‍රමයෙන් තුරන්ව ගියේ සාමාජිකයන් කල් යත්ම හොදින් දැන හදුනා ගත් බැවිනි. මනෝජ්,DK,ඩිල්ශාන්,රොහාන් සමග ගත කල එම කාලය අත්දැකීම් රැසක් ජීවිතයට එක් කලේ එම වසරේ නව පර්යේෂණ වෙනුවෙන් පැවති සම්මන්ත්‍රනයේදී අපට හොදම පර්යේශණය වෙනුවෙන් වන සම්මානයද ලබා දෙමිනි. සැබැවින්ම ඒ වෙනුවෙන් අපි දිවා රෑ නොබලා වෙහෙස වූයෙමු.

විශ්වවිද්්යාල කාලය තුල එවැනි මිතුරු කැලක් සමග නැවත කටයුතු කිරීමට ලැබුනේ MIT AITI ව්්යවසායකත්ව වැඩසටහනේදීය. මනෝජ්,DK, හැරුනු විට ශ්්යාම්, හා අමිලද සමගින් Online T Shirt Designing ව්යාපාරයක් ආරම්භ කලෙමු. පුරා සති 6ක් පුරාවට ආයෝජකයන් ආකර්ශනය කර ගත හැකි නිපැයුමක් ඉදිරිපත් කිරීමට යෝජනා, සැලසුම් ආදිය ලේඛනගත කරමින්, සුදුසු සැපයුම්කරුවන් සොයමින්, විවිධ පුද්ගලයින් මුනගැසෙමින් ගත කල කාර්්ය බහුල, එහෙත් සුන්දර කාලය දැන් වෘත්තීමය ජීවිතයට අවතීර්ණව සිටින අපට යලිත් අත් විදීමට නොලබෙනු ඇත.

වසර 4ක කාලයක් විදුලි වේගයෙන් ගත වී අවසන් වසරට එලැඹියේ අප 10 වන කණ්ඩායමේ සියලු දෙනාට නව අභියෝගයක්ද එක් කරමිනි. කණ්ඩායම් වි්යාපෘතිය පිලිබද කා තුලත් පැවතියේ මහත් උනන්දුවකි.  එවරද මගේ හුරු පුරුදු මිතුරු කැල සමග සාදා ගත් කණ්ඩායම සමග එම අභියෝගය ජය ගැනීමට සැලසුමක් සහිතව මුල සිටම අපි සූදානම් වූයෙමු. මනෝජ්,DK,දයාන් සමඟින් විවිධ ආයතන හා පුද්ගලයන් සමගින් සබඳතා ගොඩනගා ගැනීමට දේශන වලින් පසු වෙහෙස නොබලා බස් වලින් ගමන් කලෙමු. අවසානයේ නියමිත දිනටත් ප්‍රථමයෙන් එහි සියලු කටයුතු නිම කර ගැනීමට හැකිවිය. 

පාසල් අධ්්යාපනය නිමකිරීමෙන් පසු මා ගත කල ජීවිතය දෙස හැරී බලන විට, මගේ දැනුම, ආකල්ප සහ කුසලතා වර්ධනය කෙරෙහි මා ආශ්‍රය කල මිතුරන්ගෙන් ලැබුනේ නොමද පිටිවහලකි. එවැනි සත්පුරුෂ කළණ මිතුරු ඇසුරක් ජීවිතයේ වටිනාම කාලපරිච්ඡේදයකදී ලැබීමට භාග්්යවන්ත වීම පිලිබදව මම හදවතින්ම සතුටු වෙමි. මේ පෝස්ටුව ලියන්නට සිත් වූයේ ඔවුන් පිලිබද මතකය,මතකයෙන් ගිලිහී යා නොදී සයිබර් අවකාශයේ save කර තැබීම සඳහාය.



Don't forget to become a follower of SeethaGangula.!!!

No comments:

Post a Comment