B complex ලෙස බොහෝ දෙනා හදුනන vitamin B, ඔබ කිසිදා නොසිතන තරම් වැදගත් කාර්ය භාරයක් ඔබේ ශරීරයේ මනා පැවැත්ම වෙනුවෙන් කරන බව ඔබ දැන සිටියාද? එය ජල ද්‍රාව්‍ය විටමින් වර්ග 8 කින් සුසැදි නිසායි සංකීර්නයක් ලෙස හඳුන්වන්නේ.පරිවෘතීය ක්‍රියා නිසි පරිදි යාමනය කිරීමටත්,ප්‍රතිශක්තිකරන පද්ධතිය හා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුනු කර ගනීමටත්,සම හා මාංශ පේශී සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමටත්,සෛල වර්ධනය හා විභාජනය නිසි පරිදි සිදුවීමට සහ තවත් කටයුතු ගනනාවකට Vitamin B වලින් වන මෙහෙය අති මහත්.
Vitamin B ඇති අනෙකුත් vitamin අතරින් B12 වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්.විශේෂයෙන්ම රතු රුධිර සෛල වර්ධනය සහ පවත්වා ගැනීම කෙරෙහි මෙන්ම ස්නායු සෛල හා ඒවායේ ආවරන පටල සෑදීමටත්,DNA,RNA නිපදවීම කෙරෙහිත්, ස්නායු සම්ප්‍රේශක නිපදවීම කෙරෙහිත්, Vitamin B12 වල දායකත්වය අමතක කල නොහැකියි.
විටමින් B12 ඌනතාවය ඔබෙන් දිස්විය හැක්කේ...
- අධික වෙහෙසකර ගතිය
- මාංශපේශී දුර්වලතාවය
- කෙටි හුස්ම ගැනීම
- නිදිමත ස්වභාවය
- නිතර අතපය හිරි වැටීම
- විදුරුමස් වලින් ලේ ගැලීම සහ මුඛයේ නිතර තුවාල ඇති වීම
- කෑම අරුචිය වැනි තත්වයි.
- කිරි ආහාර
- මස්
- මාලු
- පීකුදු
- බිත්තර
Achini
මට නිදීමට වැඩිපුර එනකොට මම ඩොකෙක් ගාවට ගිහින් B12 ඉන්ජෙකට් කරගන්නවා(සති 2කට පාරක) කමක් නැද්ද ???
ReplyDelete-ඉමල්-
විටමින් B12 විතරක් දිගටම පාවිච්චි කිරීම වෛද්‍ය නිර්දේශ මත පමණක් සිදු කල යුතුයි. නමුත් ඔයාට සාමානය B vitamin capsule හරි syrup එකක් හරි දිනපතා ගන්න පුලුවන්.
Deleteeg: Becosules capsules හෝ syrup,නැත්නම් cytexin වගේ syrup එකක් දිනපතා පාවිච්චි කරන්න.
විශේෂයෙන් lectures එද්දි හැමදාම අරන් එන්න. :D